ඇමරිකාව තුළ සිසුන්ගේ ජීවත් වීමේ නිදහස පිළිබඳ සිහිනය සුන්වීම ඛේදනීයයි
2023-02-17 18:35:52
Share with:

ඇමරිකානු විශ්ව විද්‍යාලවල ඇති වූ වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් අද (17)පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා  ප්‍රතිචාර දක්වයි.

සිද්ධියෙන් තුවාල ලැබූ චීන සිසුන්ට කඩිනමින් කොන්සල් සේවා සහාය ලබා දුන් බව හෙතෙම පැවසීය.ඇමරිකාවේ සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සැබවින්ම ආරක්ෂා කිරීම සඳහා ඵලදායී පියවර ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

පසුගිය 13 වනදා රාත්‍රියේ ඇමරිකාවේ Michigan State විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තිදෙනෙක් මිය ගියහ. තවත් පස් දෙනෙක් තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙක් චීන සිසුන් බවට වාර්තා විය.

" සෑම කෙනෙකුමට හිමි ජීවිතය හා නිදහස බලහත්කාරයෙන් විනාශ නොකිරීම" යන ඊනියා ඇමරිකානු සිහිනය වෙඩි තැබීම් තුළින් බිඳ දමා ඇති බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. එයින් ඇමරිකානු මානව හිමිකම් පවතින්නේ කොතැනද යන්න පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතු බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම