තුර්කියට සහන සැපයීමට සහය ලබා දෙන්න, එක්සත් ජාතීන්ගෙන් ජගත් ප්‍රජාවට ඉල්ලීමක්
2023-02-17 11:51:28
Share with:

තුර්කියේ පශ්චාත් භූකම්පන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් ප්‍රජාවගෙන් මූල්‍ය සහන බලාපොරොත්තු වේ.

එම මූල්‍ය සහනවල වටිනාකම ඇමරිකානු‍ ඩොලර් බිලියනයකි. ඊයේ (16) එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රකාශ කළේ ය. එමගින් මාස 3ක කාලයක් තුර්කියේ ලක්ෂ 52ක පිරිසකගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය, පෝෂණීය ආහාර හා විධිමත් අධ්‍යාපන සඳහා වන පහසුකම් සැපයීම සහතික කෙරේ.

මීට පෙර ද, භූමිකම්පාවලින් විපතට ලක් වූ සිරියානු ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි හතළිහකට ආසන්න ආධාර මුදලක් පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම