බැංකු පොලී අනුපාත පිළිබඳ ජනපතිගෙන් ප්‍රකාශයක්
2023-02-17 15:10:03
Share with:

පෙබරවාරි 10 වැනිදා දක්වා ගත වූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඩොලරයට සාපේක්ෂව සියයට බිංදුවයි දශම 3කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇත්තේ සියයට බිංදුවයි දශම එකකින් බව මහ බැංකුව කියා සිටී.

උද්ධමනය ක්‍රමාණුකූලව අඩු වන බැවින් බැංකු පොලී අනුපාතික අඩු කිරීම කෙරෙහි සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම