චීන මුදාගැනීමේ කණ්ඩායම තුර්කියේ මෙහෙයුම් සාර්ථකව නිමවා සිය රටට පැමිණෙති
2023-02-17 10:26:42
Share with:

තුර්කියේ සහාය සඳහා පිටත්ව ගිය චීන මුදාගැනීමේ කණ්ඩායම මෙහෙයුම් සාර්ථකව නිම කර ආපසු සියරටට පැමිණෙති. 82 දෙනෙකුගෙන් යුත් මේ පිරිස ඊයේ(16) රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් චීනයට පැමිණියහ. චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මුදාගැනීමේ කණ්ඩායම ද එම යානයෙන්ම ආපසු පැමිණ තිබේ.

චීන සහන කණ්ඩායම කඳවුරෙන් ඉවත් වීමට පෙර, ඔවුන් සතුව තිබූ ආහාර, පානීය ජලය, කූඩාරම්, වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් සියලු ද්‍රව්‍ය ආපදාවට පත් ප්‍රදේශ වෙත යවා ඇත. මෙය විපතට පත් ජනතාවට තවත් සහනයකි.

පෙබරවාරි 8 වැනිදා තුර්කියට පැමිණි චීන සහන කණ්ඩායම භූමිකම්පාවෙන් දරුණුතම හානි සිදු වූ ප්‍රදේශවලින් එකක් වන Hatay il පළාතේ අතුරුදන් වූවන් සෙවීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාවට නැංවීය. ඒ, තුර්කි පාර්ශ්වයෙන් කෙරුණු ඉල්ලීම අනුව යි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම