වාහනවල වායු බැලූන අවදානම දුරලීමේ වැඩපිළිවෙලක්
2023-02-17 15:23:00
Share with:

වායු බැලූන ක්‍රියාකාරිත්වය රියැදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ සහ ජීප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ ධාවනය වන බවට වන තොරතුරු මත අවදානම් කාණ්ඩයේ පවතින වාහන සමාගම් අදාළ වාහන නැවත කැඳවීමට පියවර ගෙන ඇත. නිෂ්පාදන දෝෂ සහිත එම කාණ්ඩවලට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා, ඒවායේ වායු බැලූන යළි සකස් කර ඇතත්, මෙරට එම කාණ්ඩවලට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය වන බවට තහවුරු වී තිබේ. 

ඒ අනුව ස්ටැෆර්ඩ් මෝටර්ස්, යුනයිටඩ් මෝටර්ස් ඇතුළු ආයතන ප්‍රශ්න ගත වාහන කාණ්ඩ නැවත ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.








ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම