චීනය ලොව විශාලතම තෙල් පිරිපහදු කරන රට බවට පත්වෙයි
2023-02-17 09:31:43
Share with:

චීනයේ සමස්ත තෙල් පිරිපහදු ධාරිතාව වසරකට ටොන් මිලියන 920 දක්වා ළඟා වේ. මේ සමග චීනය පළමුවරට ලොව විශාලතම තෙල් පිරිපහදු කරන රට බවට පත් වීම කැපීපෙනේ.

චීන ඛනිජතෙල් හා රසායනික කර්මාන්ත සම්මේලනය විසින් ඊයේ (16) නිකුත් කෙරුණු දත්ත වාර්තාවක මේ බව දැක්වේ.

මේ වන විට චීනයේ ඇති, ධාරිතාව ටොන් මිලියන 10 සහ ඊට වැඩි තෙල් පිරිපහදු කම්හල් සංඛ්‍යාව 32 දක්වා වැඩි වී තිබේ. මෙය ඛනිජතෙල් රසායන කර්මාන්ත ක්ෂේත්‍රයේ චීනය අත්කර ගත් උසස් තත්ත්වයේ මෙන්ම සන්ධිස්ථානගත සංවර්ධනයකි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම