චීනය, ඇමරිකානු හමුදා ව්‍යාපාරවලට සම්බාධක පැණවීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි
2023-02-17 19:26:15
Share with:

 

බැලූන සිද්ධිය කෙරේ පොදු අවධානය, වෙනතකට යොමු කිරීමේ අරමුණෙන් චීනය, ඇමරිකානු හමුදා ව්‍යාපාරවලට සම්බාධක පනවන බවට කෙරෙන ඇමරිකාවේ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි.

‘පොදු අවධානය වෙනතකට යොමු කිරීම’ පිළිබඳව සඳහන් කළහොත්, ඇමරිකාවෙන් ප්‍රශ්න කිහිපයක් විමසීමට කැමති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(17) පැවසීය. මීටර් 18000ක උසින් පා වූ බැලූන පෙනේ නම්, සිය Ohio ජනපදයේ අහසේ ‘vinyl chloride’ අඩංගු විෂ ගිනි ජාලාව නොපෙනෙන සේ සිටින්නේ ඇයි? ඇමරිකාව සිදු කළ ප්‍රහාරවලින් බිමට වැටුණු ඉහළ උන්නතාංශයේ වස්තු තුන සැබවින්ම කුමක් ද? ඇමරිකාව චීනයට හිතාමතාම චෝදනා නැගීමේ පදනම කුමක් ද? 

ඇමරිකාව ප්‍රචණ්ඩත්වය අයුතු ලෙස යොදා නොගත යුතු අතර මෙමගින් දේශපාලන ක්‍රීඩා මෙහෙයවමින් චීනය අපවාදයට ලක්කිරීමට තැත් නොකළ යුතු බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම