චීනයේ ෂෙන්චෝ 14 ගගනගාමීහූ බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පවත්වති
2023-02-17 19:30:08
Share with:

යළි පෘථවියට පැමිණ දින 75කින් පසුව චීනයේ ෂෙන්චෝ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහූ ප්‍රථම මාධ්‍ය හමුව පවත්වති.

අද (17) පැවති එම මාධ්‍ය හමුවේදී, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමේ තත්ත්වය සහ පැමිණීමෙන් පසු තත්ත්වය පිළිබඳව ගගනගාමීහූ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

සාමාන්‍යයෙන් ගගනගාමී මණ්ඩලය පෘථිවියට ආපසු පැමිණීමෙන් පසු, හුදෙකලා කාලසීමාව, ප්‍රකෘතිමත් වීම හා නිරීක්ෂණය යන ප්‍රතිසාධන අදියර තුනකින් පසු විය යුතුය. දැනට ගගනගාමීන්ගේ පළමු ප්‍රතිසාධන අදියර දෙක සම්පූර්ණ වී ඇත. ගගනගාමීහු‍ යහපත් මානසික හා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති. නියමිත ප්‍රතිසාධන සැලැස්ම සම්පූර්ණ වීමෙන් පසු ගගනගාමීන් තිදෙනා යළි නිත්‍ය පුහුණු වැඩකටයුතුවලට එක් වනු ඇතැයි අදාල විශේෂඥයෝ එහිදී විස්තර කළහ.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම