‘චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වසක්’ නමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරණය එළි දැක්වේ
2023-02-16 16:19:51
Share with:

‘චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වසක්’ නමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරණය එළිදැක්වේ. පක්ෂය පිළිබඳ ඉතිහාසය සහ සාහිත්‍යය ඇකඩමිය එම ග්‍රන්ථය පරිවර්තනය කර ඇත. එය මෑතකදී මධ්‍යම පරිවර්තන ප්‍රකාශන ආයතනය විසින් ලොව පුරා ප්‍රකාශයට පත් කරන ලදී.

2022 වසරේ ජූනි මාසයේ එම ග්‍රන්ථයේ චීන සංස්කරණය එළි දැක්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එම ග්‍රන්ථය රචනා කිරීමේ කාර්යයට ඉහළ අවධානය යොමු කරමින් වැදගත් උපදෙස් ලබා දී තිබේ. රචනය සඳහා ඔහු නිවැරදි දිශාව හා මූලධර්මයන් පෙන්වා දුන්නේය.

එම ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරණය එළිදැක්වීම, විදේශීය පාඨකයන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය අවබෝධ කර ගැනීමට නිල හා වැදගත් මූලාශ්‍ර සපයයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම