ඇමරිකානු භූමියට ඉහළින් චීනයේ ඉහළ උන්නතාංශ බැලූන් භාවිතය පිළිබඳ ඊනියා යෝජනාව සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්
2023-02-16 14:57:47
Share with:

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය "ඇමරිකානු භූමියට ඉහළින් චීනයේ උන්නතාංශ බැලූන් භාවිතය පිළිබඳ යෝජනාව" සම්මත කිරීම පිළිබඳව, චීන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව ප්‍රකාශයක් නිකුත් කරයි. එය අද (16) නිකුත් කරනු ලැබීය.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පසුගිය දා සම්මත කළ, ඇමරිකානු භූමියට ඉහළින් චීනයේ උන්නතාංශ බැලූන් භාවිතය පිළිබඳ ඊනියා යෝජනාව, හිතාමතාම "චීන තර්ජනය"ක් පිළිබඳ අදහස අතිශයෝක්තියට නැංවීමකි. එසේම මෙය ඍජු ද්වේෂසහගත ප්‍රචාරයක් මෙන්ම දේශපාලන උපායකි.

චීන ජාතික මහජන කොංග්‍රසය මෙය තරයේ හෙළා දකින අතර, ඊට දැඩි විරෝධය පළකරයි.

චීනයේ සිවිල් බැලූනය ඇමරිකානු ගුවන් සීමාවට ඇතුළු වූයේ අහම්බයකිනි. එය කිසිදු බලපෑමකින් තොරව මෙන්ම වළකාලිය නොහැකි අයුරෙන් සිදුවූවකි. එමගින් ඇමරිකානු ජනතාවට හෝ එරට ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවීය.

කෙසේවෙතත් චීන පාර්ශ්වය වහා ක්‍රියාත්මක වී ඇමරිකානු පාර්ශ්වයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට තත්ත්වය පිළිබඳව දැනුම් දුන් නමුත්, ඇමරිකාව හිතාමතාම වෙනත් ගම්‍යතාවක් ගොඩනඟන අතර, මෙය ජාත්‍යන්තර නීතිය සහ පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම