චීන ප්‍රංශ සබඳතා තවදුරත් වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක්
2023-02-16 10:35:47
Share with:

ප්‍රංශ ජනාධිපතිවරයා හා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාල අධ්‍යක්ෂවරයා හමු වෙති.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා හා ප්‍රංශයේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා අතර හමුවක් ඊයේ(15) සිදුවිය. එම හමුවේදී වං යී මහතා පැවසුවේ චීනය මුල සිට ම ප්‍රංශය ප්‍රමුඛ සහයෝගිතා හවුල්කාරී ‍රටක් ලෙස සලකන අතර ප්‍රංශය සමග උසස් පෙළේ හුවමාරු තවදුරටත් සමීප ලෙස පැවැත්වීමෙන් දෙරටේ සබඳතාවේ නව අනාගතයක් බිහි කිරීමට චීනය කැමැත්තේ සිටින බවයි.

චීනය සමග සබඳතාව අගය කරන ප්‍රංශය දෙරටේ උපාය මාර්ගික සංවාදය ශක්තිමත් කිරීමට දැවැන්ත අර්ථයක් ඇති බව Emmanuel Macron මහතා පැවසීය. දේශගුණ විපර්යාසය, ජෛව විවිධත්වය, මුහුදු ආරක්ෂාව යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට දෙරටට හැකිවනු ඇතැයි ද හෙතෙම අපේක්ෂා පළ කළේය. ඊට අමතරව යුක්රේන අර්බුදය පිළිබඳව ද ඔවුහූ අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම