බිත්තර ආනයනයට නිරෝධායන අවසරය හිමි වෙයි
2023-02-16 17:25:31
Share with:
බිත්තර ආනයනයට අවසර දීමට ‘බිත්තර ආනයනය කිරීම සඳහා නිරෝධායන අවසරය ලබාදීම සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම පිණිස පත්කරන ලද නිලධාරී කමිටුව’ නිර්දේශ කර තිබේ.
උත්සව සමයේ අධික ඉල්ලුම සපුරාලීම මෙහි අරමුණුයි. මේ අනුව මාර්තු සහ අප්‍රේල් මාස දෙකට සරිලන බිත්තර ආනයනයට හැකි වනු පිණිස අවශ්‍ය නිරෝධායන අවසරය හිමිව ඇත. කුරුළු උණ රෝගී තත්ත්වයක් නොමැති බවට නිකුත් කරන සහතිකය මත පදනම්ව තෝරාගෙන ඇති සැපයුම්කරුවන්ගෙන් අදාළ බිත්තර තොග ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට අනුමැතිය ලබාදී තිබේ.