විදුලි බිල අද(16) සිට ඉහළට
2023-02-16 17:24:02
Share with:

විදුලි ගාස්තු 66%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවූ බව විදුලිබල මණ්ඩලය පවසයි .

අදාළ ගාස්තු සංශෝධනය අද(16) වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව එක් ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා, ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

එසේම මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ  ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ,ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබේ.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත් වැඩි කෙරෙනු ඇත.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන, කර්මාන්ත අංශ, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා අය කළ විදුලි ගාස්තු සහ ස්ථාවර ගාස්තුද වැඩි කිරීමට යෝජනා වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම