චීන හා මධ්‍යම ආසියානු රටවල කර්මාන්ත හා ආයෝජන පිළිබඳ සහයෝගිතා සාකච්ඡා සභාවට චීන ජනපතිගෙන් සුබපැතුම්
2023-02-16 11:14:11
Share with:

 “චීනයේ හා මධ්‍යම ආසියානු රටවල් පහේ”කර්මාන්ත හා ආයෝජන පිළිබඳ සහයෝගිතා සාකච්ඡා සභාවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් ලිපියක් යොමු කරයි.

එම සාකච්ඡා සභාව අද (16) චීනයේ ශාන් තුං පළාතේ ඡිං දාඕ නගරයේ දී ආරම්භ විය. චීනය මධ්‍යම ආසියානු රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර ගත වූ වසර 30කට වැඩි කාලය තුළ සුහදත්වය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණ පදනම් වන නව මාර්ගයක් නිර්මාණය කර ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් ලිපියේ සඳහන් කරයි. දෙපාර්ශ්වය කර්මාන්ත හා ආයෝජනය පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කිරීම මගින්, කලාපීය කාර්මික හා සැපයුම් ජාලයන් හි ස්ථායිතාව ඵලදායී ලෙස පවත්වාගෙන යාමටත්, කලාපීය රටවල කර්මාන්ත සංවර්ධන මට්ටම ඉහළ නංවාලීමටත්, එම රටවල කර්මාන්ත, ගෝලීය ආර්ථික ක්‍රියාවලියට එක්වීම දිරිගැන්වීමටත් අවස්ථා සැලසේ. මධ්‍යම ආසියානු රටවල් සමග අතිදැවැන්ත වෙ‍ළඳපොළ බෙදාගනිමින්, අන්‍යොන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කර වඩාත් සමීප චීන-මධ්‍යම ආසියානු පොදු හවුලක් ගොඩනැගීමට චීනය කැමති බව චීන ජනාධිපතිවරයා සුබපැතුම් ලිපියෙන් වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම