“ඇමරිකානු භූමියට ඉහළින් චීනයේ උන්නතාංශ බැලූන් භාවිතය පිළිබඳ යෝජනාව” කෙරෙහි චීනය විරුද්ධත්වය පළ කරයි
2023-02-16 17:26:47
Share with:

“ඇමරිකානු භූමියට ඉහළින් චීනයේ උන්නතාංශ බැලූන් භාවිතය පිළිබඳ යෝජනාව” කෙරෙහි චීනය විරුද්ධත්වය පළ කරයි.

ඇමරිකානු කොංග්‍රසය පසුගිය දා එම යෝජනාව සම්මත කිරීම සත්‍යය නොසලකන දේශපාලන හැසිරවීමක් මෙන්ම ද්වේෂසහගත ප්‍රචාරණයක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. එයට චීනය දැඩිව විරුද්ධ වන බව ද හෙතෙම අවධාරණය කළේය. සත්‍යය, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවල මූලධර්මයන් අනුගමනය කරමින්, චීනය අපකීර්තියට පත් කිරීම හා තත්ත්වය උග්‍ර කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා කීය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම