චීනයේ ‘වාර්ෂික සැසිවාර දෙක’ වාර්තාකරණයට ලොව පුරා මාධ්‍යවේදීන්ට ඇරයුම්
2023-02-16 16:18:27
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වැනි සැසිවාරය හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 1වැනි සැසිවාරයේ මාධ්‍ය වාර්තා දෙස් විදෙස් මාධ්‍යවේදීහු පිළිගනිති.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්යාලය හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ  කාර්යාලය අද(16) මේ බව ප්‍රකාශ කළේය.

අදාළ සැසිවාර දෙක වෙන් වෙන් ව එළඹෙන මාර්තු මස 5 සහ 4 යන දෙදින බෙයිජිං නගරයේ දී ඇරඹීමට නියමිතය. එම සැසිවාර දෙක විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට වාර්තා කිරීමට ඉඩ ලබා දෙනු ඇත. ඒ සම්බන්ධ අදාළ වාර්තා, ස්ථානීය සම්මුඛ සාකච්ඡා, මාර්ගගත වීඩියෝ සම්මුඛ සාකච්ඡා, ලිඛිත සාකච්ඡා ඇතුළු විවිධාකාරයෙන් සිදු කෙරෙනු ඇත. බෙයිජිං නගරයේ සිටින දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට ඊට සහභාගී වීමට අවසර ලැබේ. එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන්ට අන්තර්ජාලය හරහා වීඩියෝ හෝ ලිඛිත ක්‍රම මගින් සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව සැලසේ.

අදාළ සැසිවාර දෙක වාර්තා කිරීමට අපේක්ෂා කරන දෙස් විදෙස් මාධ්‍යවේදීන් එළඹෙන 22 වනදාට පෙර අදාළ මාධ්‍ය මධ්‍යස්ථානයේ http://www.npc.gov.cn සහ  http://www.cppcc.gov.cn යන වෙබ් අඩවිවලින් අවසරපත්‍ර ලබා ගත යුතුය.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම