බිල වැඩි වූ පසු අඛණ්ඩව විදුලිය සපයන ලෙස ජනපතිගෙන් උපදෙස්
2023-02-16 17:24:48
Share with:

විදුලිය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ පසු අඛණ්ඩව විදුලිය සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව විදුලි කප්පාදුව අද ( 16)  සිට අත්හිටුවන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙසත් ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල පද්ධති ලබා දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම