කැපවීමෙන් වසංගතය පාලනයේදී දිනාගත් ජයග්‍රහණ ස්ථිර ලෙස තහවුරු කළ යුතු බව චීන ජනපති පවසයි
2023-02-16 20:19:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්, එම රැස්වීම අද(16) පැවැත්විණ. චීනයේ මෑතකදී Covid-19 වසංගතය වැළැක්වීම හා පාලනය කිරීමේ කටයුතුවල තත්ත්වය විමසා ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් ඉදිරිපත් කළේය.

Covid-19 වසංගත තත්ත්වය කෙරෙහි  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා‍ව සිදු කළ විනිශ්චයන්, තීරණ මෙන්ම උපාය මාර්ග සැකසීම  සම්පූර්ණයෙන්ම නිවැරදි බව සත්‍ය වශයෙන්ම ඔප්පු වී ඇතැයි එහිදී අවධාරණය කෙරිණ. අදාළ පියවර ශක්මත් වී ඇති අතර ජනතාව එය පිළිගන්නා බවත් එහි ප්‍රතිඵල පුළුල් වූ බවත් එහිදී ප්‍රකාශ කෙරිණ.

ගත වූ වසර 3ක කාලයේ මෙන්ම මෑතකදී ලබා ගත් අත්දැකීම් සාරාංශ කරමින් විවිධ ප්‍රදේශයන්හි නොයෙකුත් අංශ ඉහළ වගකීම් සහගතව අඛණ්ඩව කටයුතු කළ යුතු ය. අදාළ පද්ධති හා පියවර පූර්ණ කරමින් වර්තමානයේ වසංගත පාලන ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනඟා වෙහෙස මහන්සි වී දිනාගත් ජයග්‍රහණ ස්ථිර ලෙස තහවුරු කළ යුතු බවද එහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම