“වත්මන් ආර්ථීක කාර්යයන්හි වැදගත් කරුණු කිහිපයක්”යන මැයෙන් චීන ජනපතිගෙන් ලිපියක්
2023-02-15 16:03:16
Share with:

වත්මන් ආර්ථීක කාර්යයන්හි වැදගත් කරුණු පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ලිපිය  ප්‍රකාශයට පත්කෙරේ.

පෙබරවාරි මස 16 වැනිදා, Qiushi සඟරාවේ 4 වැනි කලාපයෙහි, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතාගේ වැදගත් ලිපියක් පළකෙරේ. එය, “වත්මන් ආර්ථීක කාර්යයන්හි වැදගත් කරුණු කිහිපයක්” යනුවෙන් තේමා ගැන්වී ඇත. එය පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ, ආර්ථිකය පිළිබඳ රැස්වීමේදී ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ දේශනයේ අන්තර්ගත වූ කොටසක් ඇසුරින් සම්පාදිතය.

අභ්‍යන්තර අවශ්‍යතා ව්‍යාප්ත කිරීමට වැඩියෙන් අවධානය යොමු කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ. නවීකරණ කර්මාන්ත පද්ධතිය ගොඩනැඟීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව පවතින බවත් විදේශ ආයෝජන ආකර්ෂණය හා භාවිත කිරීමේ කටයුතු ශක්තිමත් කළ යුතු බවත් එහි සඳහන් වේ. එමෙන්ම දරුණු ආර්ථීක මූල්‍ය අවදානම් ඵලදායිකව වැළැක්විය යුතු යැයිද එහිදී ප්‍රකාශ කොට ඇත. 

 ග්‍රාමීය පුනර්ජීවනය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කරමින් දිළිඳුබවෙන් මුදා ගත් පිරිස නැවතත් දිළිඳුබවට පත්වීම වැළැක්වීමට දැඩි ලෙස පියවර ගත යුතු යැයි ද එහිදී අවධාරණය කෙරේ. නව වටයේ පූර්ණ ප්‍රතිසංස්කරණය සකස් කෙරෙනු ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ද ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය පොදුවේ ගොඩනැගීම ප්‍රවර්ධනය කෙරේ. එමෙන්ම ආර්ථීක සමාජීය සංවර්ධනය හරිත සංවර්ධනයට යොමු කර සුන්දර චීනය ගොඩනැගීමේ අවශ්‍යතාව යනාදී කරුණු එම ලිපියේ අන්තර්ගත වී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම