ඇමරිකාව “චීනයේ සිවිල් බැලූනය” සිද්ධිය භාවිත කර පොදු අවධානය වෙනතකට යොමු කරවීමේ ප්‍රයත්නයක
2023-02-15 19:32:47
Share with:

ඇමරිකාව “චීනයේ සිවිල් බැලූනය” සිද්ධිය භාවිත කර පොදු අවධානය වෙනතකට යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඇමරිකාවේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන දුම්රිය පීලි පැනී‍මේ සිද්ධිය පිළිබඳව බැලූ බැල්මට චීනය අතිශයෝක්තියෙන් ක්‍රියා කළ බව චීන විදේශ අමාත්‍යංශයේ අද (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙක් පැවසීය. එය සිවිල් බැලූනයේ සිද්ධියට චීනය දැක්වූ ප්‍රතිපිළිතුරක් දැයි ද ඔහු විමසීය.

ඒ පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊට එරෙහිව පැවසුවේ, එම දුම්රිය සිද්ධියෙන් පසුව, ඇමරිකාවේ අදාළ නිලධාරින් “චීනයේ සිවිල් බැලූනය” අභියෝගයක් ලෙස අවධාරණය කරන අතර එම බරපතල දුම්රිය සිද්ධිය පිළිබඳව කිසිවක් සඳහන් කර නොමැති බවයි.

ඇමරිකාව සඟවන්නේ කුමක් දැයි බොහෝ ඇමරිකානුවෝ සමාජ මාධ්‍ය වේදිකාවලදී විමසිලිමත්වී ඇත. “චීනයේ සිවිල් බැලූනය” භාවිත කර පොදු අවධානය වෙනතකට යොමු කිරීමේ ඇමරිකාවේ කුමන්ත්‍රණය පිළිබඳව එරටේ ජනතාවට අවබෝධ වී ඇති බව Wang Wenbin මහතා ‍කීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම