විදෙස් ශ්‍රමික ප්‍රේෂණ 68.8%න් ඉහළට
2023-02-15 15:04:56
Share with:

පසුගිය ජනවාරි මාසයට වඩා මේ වසරේ ජනවාරි මාසයේ විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය සියයට 68.8කින් වැඩි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එය අමෙරිකානු ඩොලර් මිලියන 500ට වඩා වැඩි වී තිබෙන බවත් එය ඉතාම සුබදායී තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය. වැඩි වශයෙන් පුහුණු ශ්‍රමිකයන් විදේශයට යැවීමට හැකි නම් ඒ තුළින් මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 07කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි බවද එහිදී අනාවරණය විය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම