චීන ස්වාධිපත්‍ය නොතැකූ ඇමරිකානු ආයතනවලට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට චීනය සූදානම්
2023-02-15 19:14:28
Share with:

චීන ස්වාධිපත්‍යයට හානිකර ව හැසිරුණු ඇමරිකානු ආයතනවලට එරෙහිව නීත්‍යානුකූලව ප්‍රතිපියවර ගනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මෙසේ පැවසුවේ අද(15) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදීය. චීනයේ සිවිල් බැලූනය ඇමරිකාවේ ගුවන් සීමාවට පිවිසීම, පාලනයෙන් තොර සාධකයක් හේතුවෙන් සිදුවූ අහඹු සිද්ධියක් බවත්, ඒ පිළිබඳව චීනය බොහෝ වරක් ඇමරිකාවට පැහැදිලි කිරීම් සිදු කර ඇති බවත් ඔහු කීය. ඒත්, ඇමරිකාව ප්‍රචණ්ඩත්වය අයුතු ලෙස යොදා ගනිමින් සීමාව ඉක්මවා ප්‍රතිචාර දැක්වූ අතර එම සිද්ධිය හේතු කොට ගෙන චීන ව්‍යාපාර හා ආයතනවලට එරෙහි සම්බාධක පණවා ඇත. ඇමරිකාවේ ක්‍රියාවට චීනය ස්ථිරව විරුද්ධ වන අතර සිය ස්වාධිපත්‍යය හා ආරක්ෂාවට හානිදායක ලෙස කටයුතු කළ ඇමරිකානු ආයතනවලට එරෙහිව නීත්‍යානුකූල ප්‍රතිපියවර ගනු ඇතැයි වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම