චීන - ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2023-02-15 09:47:23
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

එම සාකච්ඡාව ඊයේ (14) බෙයිජිංහි දී පැවැත්විණ.

දෙපාර්ශවයේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළුවල දී අන්‍යෝන්‍ය වශයෙන් අඛණ්ඩව සහයෝගය දැක්විය යුතු බව Qin Gang මහතා එහි දී අවධාරණය කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා පිළිබඳ මෙන්ම  සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ කලාපීය කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ ඒ සඳහා වන සහයෝගීතාවය ශක්තිමත් කළ යුතු බව ඔහු පැවසීය.

චීනය සමඟ සබඳතා සංවර්ධනය කර ගැනීමට ඉරානය විශාල වැදගත්කමක් ලබා දෙන බව Hossein Amir-Abdollahian මහතා ප්‍රකාශ කළේය. දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාවට නැංවීමට සහ දෙරට අතර පවතින පුළුල් සහයෝගීතා සැලැස්ම ප්‍රවර්ධනය කර, වැඩි ප්‍රතිඵල අත් කර ගැනීමට චීනය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඉරානය බලාපොරොත්තු වේ. ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන්, විස්තීරණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවල නවතම ප්‍රගතිය පිළිබඳව Hossein Amir-Abdollahian මහතා පැහැදිලි කළ අතර චීනයේ සංවර්ධනාත්මක කාර්යභාරය අගය කළේය.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නයේ දී දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සමථකරණ ක්‍රියාවලිය චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බවත්, මේ සඳහා ධනාත්මක උත්සාහයන් ගන්නා ලෙස අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් Qin Gang මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම