ඇමරිකාවේ නීත්‍යානුකූල නොවන බැලූන සඳහා චීනයේ ප්‍රතිචාරය වූයේ වෘත්තීයභාවයයි
2023-02-15 17:23:18
Share with:

ඇමරිකාවේ බැලූන නිත්‍යානුකූල නොවන ආකාරයෙන් චීනයේ ගුවන් සීමාව හරහා පා වූ බවත් ඒවා පා වූ පරාසයට චීනයේ ෂින් ජියං හා ටිබෙට් ඇතුළු ප්‍රදේශ ඇතුළත් වන බවත්  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කරයි.

     වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා ඇමරිකාව සිය භූමියේ සිට ඉහළ උන්නතාංශ බැලූන විශාල ප්‍රමාණයක් දියත් කර ඇත. එම බැලූන ගෝලීය ව පා ‍වූ අතර චීනයේ අවසරය රහිතව, අවම වශයෙන් 10 වතාවක් චීනයේ ගුවන් සීමාව හරහා පා වූ බව වං වෙන්බින් මහතා විස්තර කළේය.

නිත්‍යානුකූල නොවන ලෙස චීනයේ ගුවන් සීමාවට පිවිසුණු ඇමරිකානු බැලූන කෙරේ චීනය සංවර හා වෘත්තීය ලෙස පියවර ගෙන ඇත. ඒත්, පාලනයෙන් තොරව ඇමරිකාවේ ගුවන් සීමාවට පා වූ චීන සිවිල් බැලූනයට ඇමරිකාව අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීය. ඇමරිකාව මේ පිළිබඳව චීනයටත් ජගත් ප්‍රජාවටත් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම