තුර්කියට සහ සිරියාවට ආධාර සැපයීමට එක්සත් ජාතීන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ඉල්ලයි
2023-02-15 10:09:02
Share with:

භූමිකම්පාවෙන් විපතට පත් තුර්කියට සහ සිරියාවට ආධාර සැපයීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇ.ඩොලර් මිලියන 397.6ක් අවශ්‍ය වන බව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා පවසයි.

ජාත්‍යන්තර ප්‍රජාව මේ සඳහා සහයෝගය ලබා දිය යුතු බවත්, මෙම අරමුදල් මාස තුනක් ඇතුළත මිලියන 5කට ආසන්න ආපදා වින්දිතයින්ට උපකාර කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ දක්වා අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුර්කියට හා සිරියාවට මානුෂීය ආධාර ලබා දී තිබේ.

වාර්තාවලට අනුව, සිරියාවේ අලුතින් විවෘත කරන ලද Bab al-Salam හරස් මාර්ගය හරහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ(14) සිරියාවේ කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවලට ද මානුෂීය සහනාධාර ප්‍රවාහනය කර තිබේ.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම