ඉතාලි රජයේ සංක්‍රමණික සේවක සැලැස්ම කඩිනම් කෙරේ
2023-02-15 15:53:47
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යළි නඟා සිටුවීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඉතාලි ජනරජයේ ප්‍රසාදය හිමිවන බව එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි මහතා සඳහන් කරයි.

ඉතාලියේ නිල සංචාරයක නිරත මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි මහතා අතර සාකච්ඡාවක් ඊයේ(14) පැවැත්විණ. 

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉතාලි ජනරජයේ රැකියා අවස්ථා හිමිකර දීම අරමුණු කරගත් "සංක්‍රමණික-සේවක සැලැස්ම" ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු විය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම