චීන අග්‍රාමාත්‍යවරයා සහ ඉරාන ජනපති අතර හමුවක්
2023-02-15 15:36:05
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා සහ ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා අතර හමුවක් ඊයේ (14) උදෑසන බෙයිජිංහි මහජන මහ ශාලාවේ දී පැවැත්විණ.

ඉරානය සමඟ පවතින, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ චීන-ඉරාන පූර්ණ සහයෝගීතා ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී කච්‍යන් මහතා එහි දී පැවසීය. දෙරටෙහි අපනයන නිෂ්පාදන පුළුල් කරමින්, දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරමින්, පුද්ගල හුවමාරු කිරීම් ශක්තිමත් කිරීමෙන් දෙරටේ මිත්‍රත්වය තහවුරු කිරීමට ද චීනය අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඉරානය දෙරටේ සබඳතාව වැදගත් කොට සලකන බව Seyed Ebrahim Raisi මහතා පැවසීය. අන්‍යොන්‍ය ලෙස ගරු කිරීම හා ප්‍රතිලාභ ලබා දීම මත පදනම්ව දෙරටේ පූර්ණ සහයෝගීතා ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරමින් විවිධ සහයෝගීතා ශක්තිමත් කර, ද්විපාර්ශ්වික සම්බන්ධතාව ඉදිරියට ගෙන යාමට ඉරානය බලාපොරොත්තු වන බව ද හෙතෙම ‍සඳහන් කළේය. ජාත්‍යන්තර කටයුතුවල දී දෙරට අතර අදහස් හුවමාරු කිරීම ශක්තිමත් කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය එක්ව ආරක්ෂා කරන බව හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (14) චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ලී චෑන්ෂූ මහතා ද බෙයිජිංහි මහජන මහ ශාලාවේ දී ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා හමු විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම