ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කිරීමට චීන ආර්ථික ප්‍රගමණය හේතුවක් - රසික ජයකොඩි
2023-02-15 09:10:40
Share with:

ලෝකයේ උද්ධමනය ඉහළ ගොස් ඇති අවස්ථාවක සහ ලෝකයේ බලවත් ආර්ථිකය අවපාතයකට ලක්ව ඇති මොහොතක කොවිඩ් පාලන නීති රීති ලිහිල් කරමින් මේ වසරේ ජනවාරි මාසයේ චීනය නව ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම ගෝලීය වශයෙන් සුබවාදී පණිවිඩයක් ගෙන එන්නක් වනු ඇතැයි විශ්වාස කළ හැකි බව NextGenSLහි සම කැඳවුම්කරු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී  රසික ජයකොඩි මහතා පවසයි. චීනය තමන්ගේ ආර්ථිකය යළි විවෘත කොට ලෝකයේ ආර්ථික ක්‍රියාවලියට එකතු වීම ඒ ගෝලීය ආර්ථික පීඩනය අඩු කරවන බලවත් සාධකයක් බව ආර්ථික විශේෂඥයින්ගේ සහ විශ්ලේශකයින්ගේ මතය වී ඇත. විශේෂයෙන්ම මේ වසරේ චීනයේ ආර්ථිකය 5%කට ආසන්න වේගයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එය පසුගිය වසරේ චීන ආර්ථිකය හා සසඳන විට සැලකිය යුතු වැඩිවීමකි. චීනය යනු ලෝකයේ දෙවෙනි විශාලතම ආර්ථිකය හිමි රට නිසා චීන ආර්ථික වේගය 5%කින් වැඩි වීම ලෝක ආර්ථිකය ඉහළ නැංවීමටත් විශාල හේතුවක් වන බව විශ්වාස කළ හැකි බව ද රසික ජයකොඩි මහතා කියා සිටී.

චීනය විවෘත කිරීමේ ක්‍රියාවළියේ ප්‍රතිඵලයක් ලෙස චීනය තුළ පරිභෝජනය ඉහළ ගොස් තිබේ. මේ නිසා චීනය තුළ ආර්ථිකය පසුගිය වසර 3ක කාලයට වඩා සක්‍රීය වී ඇත. චීනයෙන් පිටතට යන චීන ජාතිකයින් ප්‍රමාණය ද ඉහළ යමින් පවතී. චීනයේ සංචාරක කර්මාන්තය සහ ගුවන් ක්ෂේත්‍රය තුළ විශාල පිබිඳීමක් ඇති වීමට මෙය හේතුවක් වී ඇති බවද පෙනෙන්නට තිබේ. එය ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කිරීමට විශාල දායකත්වයක් දක්වන බව පෙනී යන සාධකයක් බවද NextGenSLහි සම කැඳවුම්කරු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රසික ජයකොඩි මහතා සදහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම