දේශගුණික උණුසුම මන්දගාමී කර මුහුදු මට්ටම ඉහළ යාම වැළැක්වීමට උත්සාහ දරන ලෙසට චීනයෙන් ජගත් ප්‍ර‍ජාවට ඉල්ලීමක්
2023-02-15 14:15:18
Share with:

දේශගුණික උණුසුම මන්දගාමී කර මුහුදු මට්ටම ඉහළ යාම වැළැක්වීමට උත්සාහ දරන ලෙසට චීනය ජගත් ප්‍ර‍ජාවෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළු සාගරික ප්‍රශ්න සම්බන්ධයෙන් ඊයේ(14) ඉහළ පෙළේ සමුළුවක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීනයේ ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එහිදී මේ බව ප්‍රකාශ කළේය. 

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ගොඩබිම් ප්‍රදේශ ජලයෙන් යටවීම, ජනගහන සංක්‍රමණය සහ දේපළ විනාශය යනාදී ගැටලු රැසක් ඇති විය හැකි අතර මානව පැවැත්මට සහ සංවර්ධනයට ඉන් අභියෝග රැසක් එල්ල කෙරෙන බව Zhang Jun මහතා එහිදී අවධාරණය කළේය.

මුහුදු මට්ටම ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සිය ක්‍රියාවන් ලිහිල් නොකළ යුතු බවත් දේශගුණික විපර්යාසයට මුහුණ දීම සඳහා සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කර, සමගිය හා සහයෝගය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම