චීනයේ විදේශ සංචාර යළි ඇරඹීම ලොව රටවල් අතර ආර්ථීක හා මානව හුවමාරු පුළුල් වීමට හේතුවක්
2023-02-15 18:09:35
Share with:

විදේශ සංචාර යළි ඇරඹීමත් සමඟ චීනය හා ලොව රටවල් අතර අදහස් හුවමාරු තහවුරු කෙරෙනු ඇති බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීන සංචාරක ආයතනයන්හි කණ්ඩායම් විදේශ සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමේ පුවත ලොව පුරා ප්‍රචාරය කිරීමෙන් පසු ඒ ඒ රටවල රජයන් හා සංචාරක කර්මාන්තයේ නියුක්තිකයන් ඉතා උනන්දුවෙන් චීන සංචාරකයින්ගේ පැමිණීම පිළි ගන්නා බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. චීන ජාතිකයන් විදේශ සංචාර යළි ඇරඹීමත් සමඟ චීනය හා ලොව රටවල් අතර ආර්ථීක හා මානව හුවමාරු තවදුරටත් පුළුල් කරමින් ගෝලීය ආර්ථීක පුනරුදයට වඩා වැඩි විශ්වාසය හා ශක්තිය ලබා දෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම