ඇමරිකාවේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන දුම්රිය පීල පැනී‍මේ සිද්ධියෙන් එරට සමාජයේ ඇති අවුල් සහගත තත්ත්වය යළි ඉස්මතු වෙයි
2023-02-15 10:35:58
Share with:

පසුගිය 3වනදා විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් ඇමරිකාවේ නැගෙනහිර Ohio ජනපදයේ දී පීලි පැන තිබේ. ඉන් විශාල ගින්නක් හට ගැනිණ. විෂ රසායනික ද්‍රව්‍ය පිපිරීම වැළැක්වීම වෙනුවෙන් ප්‍රාදේශීය හදිසි පාලන දෙපාර්තමේන්තුව පසුගිය 6 වනදා එම විෂ වායු නිකුත් කළේය. එම විෂ වායු තර්ජනයට මුහුණ දීම හේතුවෙන් එම ප්‍රදේශයේ වැසියන් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇත. ‍මේ වනවිට ආපසු පැමිණෙන ඇතැම් වැසියන් හා ආසන්න ප්‍රදේශයේ ජීවත්වන සතුන්ට විවිධ මට්ටමේ රෝග ලක්ෂණ මතුව තිබේ. එම දුම්රිය පීල පැනීමෙන් කුමන මට්ටමේ පරිසර හානියක් සිදුවී තිබෙන්නේද සහ ඇමරිකා රජය හා අදාළ දුම්රිය සමාගම ගන්නා පියවර කවරේදැයි ජනතාව දැඩි සැලකිල්ලෙන් සිටිති. එහෙත් මෙතෙක් ගෙන ඇති පියවර හා පිළිතුරු සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි.

ඇමරිකා රජයේ අදාළ දෙපාර්තමේන්තුව තවත් එම විෂ රසානික ද්‍රව්‍ය විමෝචන ප්‍රමාණය පිළිබඳ දත්ත නිකුත් කර නොමැත. ජනතාවගේ ජීවිත හා පරිසර ආරක්ෂව දැවැන්ත තර්ජනයට ලක්ව ඇති අවස්ථාවක ඇමරිකා මාධ්‍යයන්ගේ සත්‍ය තත්ත්වය සඳහන් නොකර වාර්තා කිරීම් සිදු කර ඇත. ඉන් තොරතුරු දැන ගැනීමේ ජනතාවගේ මූලික අයිතිය අහිමිවී තිබේ. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධ NSC සමාගමට ගැඹුරු පසුබිමක් ඇත. මාධ්‍ය වාර්තවාට අනුව Obama රජයේ කාලයේ සිට NSC සමාගම උපරිම වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම හා පිරිවැය අඩු කිරීමේ නිරත වී තිබේ.

මෙම සිද්ධියේ බලපෑම කෙතරම්ද යන්න තක්සේරු කිරීමට නොහැකිවීම හේතුවෙන් Ohio ජනපදයේ East Palestine ගම්මානයේ ඇතැම් වැසියන් සිය උපන් ගමෙන්  බැහැරව වෙනත් ප්‍රදේශයකට ගොස් ඇත. ඇමරිකා දේශපාලනඥයන් හා ඔවුන්ට සම්බන්ධ ප්‍රතිලාභ කණ්ඩායම් සිය ප්‍රතිලාභ වෙනුවෙන් පොදු ප්‍රතිලාභයන්ට හානි සිදු කිරීම අළුත් දෙයක් නොවේ. එම ක්‍රියාවෙන් ඇමරිකා සමාජයේ තිරසර අවුල් සහගත තත්ත්වය යළිත් ඉස්මතු වී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම