නව වසරේ චීන ලක්ෂණ සහිත රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ නව පරිච්ඡේදයක්
2023-02-15 19:38:57
Share with:

මෑතකදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉරාන ජනපති හා කාම්බෝජ අගමැති හමු වුණා.

63 හැවිරිදි ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා 2021 වසරේ ජූනි මාසයේදී ජනපති ධූරයට පත් වුණා. මෙවර සංචාරය ඔහුගේ ජනාධිපති ධූර කාලයේ සිදු කළ පළමු චීන සංචාරයයි.

ඊයේ (14) ෂී ජින් පිං මහතා, Ebrahim Raisi මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණා. ජාත්‍යන්තර හා කලාපීය තත්ත්ව කෙතරම් වෙනස් වුවද, චීනය ස්ථීර ලෙස ඉරානය සමඟ මිත්‍ර සහයෝගිතාව ප්‍රවර්ධනය කරන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නා. මේ අතර, Ebrahim Raisi මහතා ද එහිදී අදහස් දැක්වුවා. අ‍න්‍යෙන්‍ය ගරු කිරීම සහිත දෙරට එකිනෙකාට අවංක උපායමාර්ගික හවුල්කරුවන් බව හෙතෙම පැවසුවා.

මේ වසරේ චීනයේ වසන්ත උත්සවයෙන් පසුව, චීනය පිළිගත් පළමු රාජ්‍ය නායකයා වන්නේ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය Hun Sen මහතායි. උදා වූ වසන්තය නිමිත්තෙන් Hun Sen මහතා සමඟ දෙරටේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ නව යුගයක් ආරම්භ කිරීම සතුටට කරුණක් බව ෂී ජින් පිං මහතා පසුගිය 10 වැනිදා Hun Sen මහතා හමුවූ අවස්ථාවේදී පැවසුවා. වසර 3 කට පෙර සිදු වූ සංචාරයේදී මෙන්ම, මෙවර සංචාරයේදී ද, කාම්බෝජ ජනතාව මුල සිට ම චීන ජනතාව සමඟ සිටීම පිළිබඳව Hun Sen මහතා ෂී ජින් පිං මහතාට දන්වා සිටියා.

මේ වසරේ ජනවාරි සිට ම, පිලිපීන ජනාධිපතිවරයා සහ ටර්ක්මෙනිස්තාන් ජනාධිපතිවරයා ඇතුළු විදේශ නායකයන් චීනය පිළිගෙන තිබෙනවා. නව වසරේ ආරම්භයේදීම චීන ලක්ෂණ සහිත රාජ්‍යතාන්ත්‍රිකත්වය නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙන බව‍ පෙනී යනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම