‘වසර 2023 සේද මාවත--රූපවාහිනී සේවා පිළිබඳ පොදු ප්‍රජාවේ ප්‍රධානීන්ගේ සාකච්ඡා මණ්ඩපය’ ඇරඹේ
2023-02-14 20:19:47
Share with:

‘වසර 2023 සේද මාවත--රූපවාහිනී සේවා පිළිබඳ පොදු ප්‍රජාවේ ප්‍රධානීන්ගේ සාකච්ඡා මණ්ඩපය’ බෙයිජිංහිදී පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද එම සාකච්ඡා මණ්ඩපයේ තේමාව, ‘අත්වැල් බැඳ පොදු සංවර්ධනය ඉටු කරමින් සහයෝගතාවෙන් අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ දිනා ගැනීම’ යන්නය. රටවල් හා ප්‍රදේශ 33ක ප්‍රධාන මාධ්‍ය ආයතන 54ක නියෝජිතවරු 120ක් පමණ මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් එම සාකච්ඡා මණ්ඩපයට එක් වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක දෙපාර්තමේන්තු‍වේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්, සේද මාවත--රූපවාහිනී සේවා පිළිබඳ පොදු ප්‍රජාවේ කෘත්‍යාධිකාරී නිලධාරී ශෙන් හයිෂියොන්ග් මහතා එහිදී දේශනයක් පැවැත්වීය. මෙම වසර ෂී ජින්පිං ජනාධිපතිවරයා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉදිරිපත් කොට ගත වන දස වැනි සංවත්සරය සහිටුහන් වන බවත් පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා පොදුවේ බෙදා ගැනීම පිළිබඳ සේද මාවතේ ජීවගුණය විදහා පාමින් විවිධ රටවල මාධ්‍ය ආයතන වෘත්තීය වගකීම් ඉටු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. සේද මාවත--රූපවාහිනී සේවා පිළිබඳ පොදු ප්‍රජාවේ සාමාජිකයින්ට, අනාගත මානව ඉරණමට උපරිම වගකීමේ ආකල්පයක සිට මානව පොදු වටිනාකමේ මුලපුරන්නා, ශිෂ්ටාචාර සම්මිශ්‍රණ කිරීමේ ප්‍රවර්ධකයා ලෙස කටයුතු කරමින් වඩාත් සුන්දර ලෝකයක් බිහි කිරීමට දායක විය හැකියැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම