චීනයේ බුද්ධිමය අධ්‍යාපන යටිතල පහසුකම් හා උපකරණ පරිසරය ස්ථාපිත කෙරේ
2023-02-14 09:48:55
Share with:

චීනයේ බුද්ධිමය අධ්‍යාපන යටිතල පහසුකම් හා උපකරණ පරිසරය මූලිකව ස්ථාපිත කෙරේ.

ලෝක ඩිජිටල් අධ්‍යාපන සම්මේලනය ඊයේ(13) බෙයිජිංහිදී ඇරඹිණ. 2022 වසරේ චීන බුද්ධිමය අධ්‍යාපනය පිළිබඳ නිල් පත්‍රිකාව හා 2022 වසරේ චීන බුද්ධිමය අධ්‍යාපන වර්ධන දර්ශක වාර්තාව එහිදී නිකුත් කෙරිණ. එම වාර්තාවට අනුව චීනයේ බුද්ධිමය අධ්‍යාපන යටිතල පහසුකම් හා උපකරණ පරිසරය මූලිකව ස්ථාපිත කර තිබේ. චීනයේ අන්තර්ජාල පහසුකම් සහිත පාසල් අනුපාතය සියයට 100කට ආසන්න ය. චීනයේ ඩිජිටල්කරණය සම්බන්ධ උපාධිලාභින්ගේ අනුපාතය සියයට 40කට අධිකය. චීනයේ ඩිජිටල්කරණය සම්බන්ධ වෘත්තීය පුද්ගල වර්ධන පරිමාණය ද ජාත්‍යන්තර උසස් මට්ටමේ පවතින බව එම වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම