චීනයේ වෛද්‍ය කණ්ඩායම් රටවල් හා කලාප 76 කට යවා තිබේ‍
2023-02-14 17:20:20
Share with:

මේ දක්වා චීනයේ වෛද්‍ය කණ්ඩායම් රටවල් හා කලාප 76 කට පිටත් කර තිබේ‍.

පසුගියදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ චීනයේ වෛද්‍යාධාර කණ්ඩායමට පිළිතුරු ලිපියක් යවමින් වෛද්‍ය සේවකයින්ට අවංක සුබ පැතුම් යොමු කළේය. විවිධ රටවල් හා කලාපවලට ආධාර දෙන චීන වෛද්‍ය කණ්ඩායම් පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කරුණු දැක්වීය.

වෛද්‍යාධාරය, චීනය විදේශ රටවල් හා කලාපවලට ලබා දුන් ආධාරවල වැදගත් අංගයක් බව හෙතෙම පැවසීය. මේ දක්වා, චීනයේ වෛද්‍ය කණ්ඩායම් රටවල් හා කලාප 76 කට පිටත් කර තිබෙන අතර, වෛද්‍ය සේවකයෝ 30000ක් ඊට ඇතුළත් වෙති. රෝගීන් කෝටි 29 කට වෛද්‍ය සේවා ලබා දී තිබේ. ඉදිරියේදී චීනය අඛණ්ඩව අදාළ ‍සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කරමින්, ලෝක ජනතාවගේ සෞඛ්‍යයට හා පොදු සෞඛ්‍යය සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීමට ඉහළ දායකත්ව ලබා දෙනු ඇතැයි Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම