ලෝකයේ සමස්ත සංවර්ධනයට අනිවාර්ය සාධකයක් වන චීන ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය
2023-02-14 09:27:28
Share with:

කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින්, ඉතා ඉහළ ප්‍රකෘතිමත්භාවයක් ළඟා කර ගත් රටක් ලෙස චීනය හැඳින්විය හැකිය. චීනය අඛණ්ඩව අනුගමන කළ නිවැරදි කළමනාකරණ කොවිඩ් ප්‍රතිපත්තිය මෙයට හේතු විය. සෞඛ්‍ය අංශයේ ඇති වූ අර්බුදයක් වුවද, අනෙකුත් සියලු අංශ කෙරෙහි චීනය අවධානය යොමු කිරීම තුළ කඩිනමින් ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයකට ගෙන ඒමට හැකි වූ බව NSBM හරිත විශ්වවිද්‍යාලයේ ආර්ථික හා තීරණ විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය .

2020 වසරේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ලොව සියලු බලවත් රාජ්‍ය අතර චීනය ධන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළේය. නමුත් කැනඩාව, ජපානය සහ ඇමරිකාවේ ද ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. ක්‍රමානූකූලව අනුගමනය කළ ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය හරහා චීනයට සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව ‌හෙතෙම කියා සිටී‍‍.

වසංගත කාලය තුළ ද ඩිජිල්කරණ ක්‍රමෝපාය හරහා ප්‍රාදේශීය සංවර්ධනය ද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට චීනය සමත් විය. වර්තමානයේ චීන සමාජය විවෘත වීමත් සමග සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම ලෝකයේ සමස්ත නිෂ්පාදනයන්ගේ වෙළෙඳපොළ වටිනාකම ඉහළ යාම සඳහා චීනය ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇත. චීනයේ මෙම ප්‍රකෘතිමත්භාවය ලෝකයේ සමස්ත සංවර්ධනයට අනිවාර්ය සාධකයක් වනු ඇති බව ද කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම