ලිංගික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මානසික පීඩනයට ලක් වන තරුණ ඇමරිකානු කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළට
2023-02-14 09:54:57
Share with:

ලිංගික ප්‍රචණ්ඩත්වය හා වෙනත් ආකාරයේ වේදනාකාරී අත්දැකීම් තරුණ ඇමරිකානු කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යයට විශාල වශයෙන් බලපා ඇති බව ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය ඊයේ (13) නිකුත් කළ වාර්තාවක් මගින් අවධාරණය කළේය. ඇතැම් තරුණ කාන්තාවන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙන බව ද එම වාර්තාව සඳහන් කරයි.

ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය එම වාර්තාව සකස් කර ඇත්තේ වසර 30ක් පුරා සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුවයි. එම සමීක්ෂණය වසරක් හැර වසරක් සිදු කර ඇත. කාන්තාවන් ඉලක්ක කර ක්‍රියාත්මක වන ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවෙන් හෙළි වී ඇත. සමීක්ෂණයට සම්බන්ධ වූ කාන්තාවන්ගෙන් සියයට 20ක් ප්‍රකාශ කර ඇත්තේ 2021 වසරේ තමන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ බවයි. 2019 වසරේ එවැනි අත්දැකීම් ලැබූ පිරිස සියයට 11ක් පමණ වන බව ද අනාවරණය වී ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම