එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සක්‍රීය කාර්යභාරය ඉහළ නැංවීමට චීනයේ අනුබලය
2023-02-14 17:35:50
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය පරිපාලනය තහවුරු කිරීම පෙළඹවීමට චීනය අනුබල දෙයි.

“අපේ පොදු න්‍යාය පත්‍රය” නම් වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සඳහා ඊයේ (13) පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ නිල නොවන රැස්වීමේදී එම සංවිධානයේ චීන උප නියෝජිත Dai Bing මහතා අදාළ අදහස් පළ කර ඇත. වත්මන් හා අනාගතයේ තර්ජනයන්ට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙරට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අනුබල දෙන බව හෙතෙම පැවසීය.

වර්තමානයේදී ගෝලීය තර්ජනයන් අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ වීම හේතුවෙන් කිසිඳු රටකට හෝ රටවල් කණ්ඩායමකට තනිවම ඊට මුහුණ දිය නොහැකිය. සමගිය හා සහයෝගතා මගින් සැබවින්ම බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ එකම තෝරා ගැනීම බව හෙතෙම කියා සිටි‍යේය. 

“අපේ පොදු න්‍යාය පත්‍රය”පිළිබඳ ඉදිරි කටයුතු, මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය පිළිබඳ නායක සමුළුව කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛතා ක්ෂේත්‍ර සකස් කළ හැකි යැයි අපේක්ෂා කෙරේ. එමගින් සංවර්ධන න්‍යාය පත්‍රය කෙරෙහි අවධානය සහ ආයෝජනය වැඩි කිරීමට ජගත් ප්‍රජාව පොළඹවන අතර එම නායක සමුළුව සක්‍රිය  ප්‍රතිඵල ලබා ගැනීමට සහය වීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. 


ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම