චීන ජනපති හා ඉරාන ජනපති අතර සාකච්ඡා
2023-02-14 18:43:51
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා සාකච්ඡා පවත්වති.‍‍

චීන ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඉරාන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව අද(14) පස්වරුවේ බෙයිජිංහිදී මහජන මහා ශාලාවේ පැවැත්විණ.

චීනය සෑම විටම උපාය මාර්ගික මට්ටමේ සිට චීන-ඉරාන සබඳතාව සලකන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. ජගත් හා ප්‍රාදේශීය තත්ත්වය කෙසේ වෙනස් වුවද, ඉරානය සමඟ මිත්‍ර සබඳතාව ස්ථීර ලෙස ප්‍රවර්ධනය කරමින් චීන -ඉරාන පූර්ණ උපාය මාර්ගික හවුල්කාරි සබඳතාව අඛණ්ඩව නව වර්ධනයක් කරා පොළඹවනු ඇති බවද හෙතෙම පැවසීය.  

ඉරානයේ ජාතික ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව හා ජාතික අභිමානය ආරක්ෂා කිරීමට චීනය සහය දෙයි.ඒකපාර්ශ්විකවාදය හා හිංසාවට එරෙහි වීමට ඉරානයට චීනයේ සහාය පළවේ.ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේගයන් මැදිහත්වීම, ඉරාන ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට බාධා කිරීමට එරෙහිව චීනය විරුද්ධ වන බව හෙතෙම පෙන්වා දුන්නේය. එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ලෙස අනුබල දීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා පැවසීය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශංහැයි සහයෝගිතා සංවිධානය යන බහුපාර්ශ්වික වේදිකාවන්හි ඉරානය සමඟ චීනය අදහස් හුවමාරු හා සම්බන්ධීකරණය තහවුරු කරමින්, සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කර සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ජයග්‍රහණ සහතික කරනු ඇත. ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහය දෙමින් ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය හැකි ඉක්මනින් නිසි ආකාරයෙන් විසඳා ගැනීම සඳහා පෙළඹවීමට චීනය උත්සාහ දරනු ඇතැයි ෂී ජින්පිං මහතා පවසා ඇත.

ඉරාන - චීන පූර්ණ උපාය මාර්ගික හවුල්කාරි සබඳතාව තහවුරු කිරීම හා ඉහළ මට්ටමකට නංවා ගැනීමේ අධිෂ්ඨානය ඉරානය වෙනස් නොකරයි. කිසිදු ජගත් හා ප්‍රාදේශීය තත්ත්ව වෙනස් කිරීමකින් එයට බලපෑම් එල්ල නොවනු ඇතැයි ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා එහිදී ප්‍රකාශ කළේය.Covid-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලබා දුන් වටිනා සහාය පිළිබඳව ඉරානය චීනයට ස්තූතිය පළ කළේය.ඉරාන න්‍යෂ්ටික පූර්ණ ගිවිසුම සම්බන්ධ සාකච්ඡාව සහ ගැටළු සම්බන්ධයෙන් සාධාරණව පෙනී සිටීම පිළිබඳව චීනයට ඉරානයේ ප්‍රණාමය හිමි වේ. චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල, ගෝලීය සංවර්ධන යෝජනාව හා ගෝලීය ආරක්ෂක යෝජනාව යන යෝජනාවලට ඉරානය ස්ථීර ලෙස අනුබලය සපයන අතර ඉරානය ඊට සක්‍රියව සහභාගි වනු ඇත.ජාතික ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම සඳහා චීනයට ඉරානය දැඩි ලෙස සහාය දෙන බවද Seyed Ebrahim Raisi මහතා එහිදී පවසා ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම