Chaozhou ඔපෙරාවේ ජීව ශක්තිය
2023-02-14 15:34:20
Share with:

60 හැවිරිදි Zheng Shunying මහත්මිය චීනයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් වන Chaozhou ඔපෙරාවේ නියෝජිත උරුමක්කාරියක්‍.

Chaozhou ඔපෙරාව, දකුණු චීනයේ Chaozhou හි උපභාෂාවෙන් ගායනා කෙරෙන පැරණි ඔපෙරාවක්. එහි ඉතිහාසය වසර 580 කට අධිකයි.

1978 වර්ෂයේ, Zheng Shunying හා Guo Mingcheng Chaozhou ඔපෙරා විද්‍යාලයට ඇතුළු වී එම ඔපෙරාව අධ්‍යයනය කිරීම ආරම්භ කළා. Chaozhou ඔපෙරාවට දැඩිව ආදරය කළ ඔවුන් දෙදෙනා පසුව එකිනෙකා කෙරෙහිත් ආදරයෙන් බැඳුණා. ඉන්පසු, Chaozhou ඔපෙරාව ආරක්ෂා කිරීම හා අනාගතයට උරුම කිරීම එම යුවළගේ පොදු අපේක්ෂාව බවට පත්ව තිබෙනවා.

 60 හැවිරිදි වියේ පසුවන වර්තමානයේ පවා,  Zheng Shunying මහත්මිය දිනපතා Chaozhou ඔපෙරාව පුහුණු කරනවා. වැඩි තරුණ පිරිසකට Chaozhou ඔපෙරාවේ සුන්දරත්වය අවබෝධ කරවීමට ඇය අඛණ්ඩව කැප වී සිටිනවා. තරුණයන්ට Chaozhou ඔපෙරාව කෙරෙහි ඇල්මක් ඇති කරවීමෙන් එයට වඩා දීප්තිමත් අනාගතයක් උරුම කර දිය හැකියි යන්න ඇගේ විශ්වාසයයි.

Zheng Shunying මහත්මිය ඇතුළත් වූ Chaozhou ඔපෙරා කණ්ඩායම ස්ථාපිත කෙරුණේ 1956 වර්ෂයේදී. වසර ගණනාවක් තිස්සේ එම කණ්ඩායම අතිදක්ෂ නාට්‍යකරුවන් පෝෂණය කර තිබෙනවා‍. ඔවුන් තායිලන්තය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල මෙය රඟ දක්වා තිබීමත් සුවිශේෂයි. එම සාම්ප්‍රදායික ඔපෙරාව අනාගතයට රැගෙන යාම වෙනුවෙන්,  Chaozhou රජය අදාළ විවිධ සහායන් ලබා දී තිබෙනවා. 

මේ දක්වා, චීනයේ තුන්සියකට වැඩි ඔපෙරා වර්ග තිබෙනවා. රජය හා කලාකරුවන්ගේ සංරක්ෂණයන් හේතුවෙන්, දිගු ඉතිහාසයක් ඔස්සේ පැමිණි එම සාම්ප්‍රදායික සංස්කෘතිය අදත් ජීව ශක්තියෙන් හා අද්විතීය චමත්කාරයෙන් බබළනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම