චීන අසිරිය නංවන සංස්කෘතික සංහිඳියාව
2023-02-14 13:42:13
Share with:

චීනයේ ටිබෙට්, Kyrgyz හා මොංගෝලියානු ජනශ්‍රැතීන් හි හමුවන පෞරාණික පුරාවෘත්ත ඇසුරින් නිර්මාණය කෙරුණු වීර කාව්‍යයන් පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල දී අදහස් දක්වා තිබෙනවා. වීරත්වයෙන් හා අභිමානයෙන් පිරි මෙවැනි කලාකෘති චීන ජාතිය පෝෂණය කිරීම පමණක් නොව, ලෝක ශිෂ්ටාචාරය වෙත ද කලාත්මක වටිනාකම් සැපයීම විශේෂත්වයක්.

ෂී ජින් පිං මහතා අවස්ථා රැසක දී සුළුජාතීන් වෙසෙන ප්‍රදේශ වෙත ගොස් එහි පවතින වැදගත්කම් නිරීක්ෂණය කළා. ‘අස්පර්ශ සංස්කෘතික උරුම සංරක්ෂණයේ දී, සුළුජාතීන් සතු සංස්කෘතික උරුම සංරක්ෂණය හා ඉදිරියට මෙහෙයවීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කළ යුතු ’ බව ජනාධිපතිවරයා එම අවස්ථාවල දී අවධාරණය කර තිබෙනවා.

චීන සංස්කෘතිය, විවිධ ජනවාර්ගික සංස්කෘතීන්ගේ සුසංයෝගයක්. ෂී ජින් පිං ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි, චීන සංස්කෘතියේ අසිරිමත් චමත්කාරයට හේතු වී ඇත්තේ බහුවිධ සංස්කෘතීන් අතර පවතින සංහිඳියාවයි.

අතීත යුගයේ සිට වර්තමානය දක්වාම, මෙම සංස්කෘතික සංහිඳියාව නොසිඳී, නොබිඳී පවතිනවා. සිය සංස්කෘතිය කෙරෙහි චීන ජනතාව සතු ප්‍රබල ආත්ම විශ්වාසයේ පදනම ද මෙයයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම