අහේතුක චෝදනා නඟමින් සතුරන් සේ නොසලකන්නැයි නේටෝ සංවිධානයෙන් චීනය ඉල්ලා සිටී
2023-02-14 17:36:11
Share with:

චීනයට එරෙහි අහේතුක චෝදනා නැගීම හා චීනය ‘සතුරන් ලෙස සිතීම’ නතර කරන ලෙස චීනය නේටෝ සංවිධානයෙන් ඉල්ලයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා එම අදහස දැක්වූයේ අද(14) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.  ‘ඇමරිකා අහසේ පා වූ නොහඳුනන බැලූනය, චීනය හා රුසියාව ඇමරිකාව කෙරේ අධීක්ෂණය ව්‍යාප්ත කිරීමේ සංකේතයක්’ වන බවට නේටෝ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා ඊයේ(13) පළකළ කතාවට චීනය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේ ද යන්න එම මාධ්‍ය වේදියාගේ ප්‍රශ්නය විය.

චීනයේ සිවිල් බැලූනයක් පාලනයෙන් තොරව ඇමරිකාවේ ගුවන් සීමාවට ඇතුළු වීම, අනපේක්ෂිත අහඹු සිද්ධියක් බව චීනය කිහිපවරක් පැහැදිලි කර ඇත. නේටෝ පාර්ශ්වයේ අදාල කතාව, ද්වේෂසහගත පරිකල්පනයෙන් ආයාසයෙන් චීනය අපවාදයට ලක්කිරීමට ගත් උත්සාහයකි. නේටෝ සංවිධානය එවන් ක්‍රියා නතර කර ජගත් සාමයට හිතකර වන සේ කටයුතු කළ යුතු බවද වං වෙන්බින් මහතා කියා සිටි‍යේය.

ඔත්තු ‍බැලීම හා අධීක්ෂණය සම්බන්ධයෙන් කිවහොත්, යුරෝපය ඇතුළු ජගත් ප්‍රජාව, ඇමරිකාව ගෝලීය වශයෙන් සිදු කර ඇති අධීක්ෂණය පිළිබඳව මනා අත්දැකීම් සතු බව ද ඔහු පෙන්වා දී තිබේ. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම