ඉරාන චීන සබඳතාවෙන් තෙවන පාර්ශ්වයකට බලපෑමක් නොමැත
2023-02-14 18:50:30
Share with:

ඉරානය සමඟ චීනය මිත්‍ර සහයෝගිතා සබඳතාව සංවර්ධනය කිරීම තෙවන පාර්ශ්වයන් ඉලක්ක නොකර ගන්නා බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(14) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතාගේ චීන සංචාරය, චීන -ඉරාන සබඳතාව සහ චීන -ඇමරිකා සබඳතාවට බලපෑම් එල්ල වේද යන්න මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හෙතෙම එසේ අදහස් පළ කර ඇත. 

චීනය ඉරානය සමඟ මිත්‍ර සබඳතා පවත්වා සහයෝගිතා සබඳතාව සංවර්ධනය කිරීම දෙරටේ ජනතාවට ජයග්‍රහණයට ඉවහල් වේ. එමෙන්ම එය මැද පෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට ඉවහල් වන අතර තෙවන පාර්ශ්වයන් ඉලක්ක නොකර ගන්නා බවද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම