නව සුරාබදු පනතට කැබිනම් අනුමැතිය
2023-02-14 17:09:09
Share with:

වසර 111 ක් පැරණි සුරාබදු පනත වෙනුවට නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන සුරාබදු ආඥා පනත වසර 1912දී හඳුන්වා දී තිබේ.

එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට මේ අනුව කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කළේය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම