නිෂ්පාදන කිහිපයක් සඳහා ජුනි 01 වැනිදා සිට තහනමක් පැනවේ
2023-02-14 17:09:59
Share with:

නිෂ්පාදන වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කෙරේ.  

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මිත හැඳි, පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) ,හැඳි ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි මෙලෙස තහනම් වන භාණ්ඩ ගණයට අයත්ය.

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව මෙම තීරණය ගෙන ඇත.

පරිසර අමාත්‍යවරයා විසින් ඊට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම