තිරසර තාක්ෂණ නවෝත්පාදනය පිළිබඳ 6 වැනි ගෝලීය සමුළුව ඇරඹේ
2023-02-14 10:20:01
Share with:

තිරසර තාක්ෂණ නවෝත්පාදනය පිළිබඳ 6 වැනි ගෝලීය සමුළුව ඇරඹේ. ඊයේ(13) ආරම්භ වූ මෙම සමුළුව හෙට(15) දින දක්වා බ්‍රසීලයේ Rio de Janeiro අගනුවර දී පැවැත්වේ. මෙම වාර්ෂික සමුළුව දකුණු ඇමරිකානු රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

තිරසර තාක්ෂණ නවෝත්පාදනය පිළිබඳ ප්‍රථම ගෝලීය  සමුළුව 2017 වසරේ ඔක්තෝබර් මාසයේ, බෙල්ජියමේ Brussels නුවර දී පැවැත්විණ. ජගත් සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්ක ප්‍රධාන කර ගනිමින් දේශගුණය, අධ්‍යාපනය, බලශක්තිය, සෞඛ්‍ය සුරක්ෂිතභාවය, සාගර හා ජල කළමනාකරණය යන ප්‍රධාන ගෝලීය තේමා 6ක් සමුළුවේ අවධානයට ලක් ව ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම