6 සිට 13 ශ්‍රේණි දක්වා වූ විෂය මාලා යාවත්කාලීන කිරීමට පියවර
2023-02-13 16:00:03
Share with:

2024 වසරේදී 6 ශ්‍රේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී. 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ද ඔහු පැවසීය.

කෘත්‍රිම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බවත් තොරතුරු තාක්ෂණ විෂයත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේ ය.






ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම