තුර්කි හා සිරියාවේ විපතට පත් ජනතාවට කඩිනමින් සහනාධාර ලබා දීමට චීනයෙන් අඛණ්ඩව පියවර
2023-02-13 19:26:36
Share with:

තුර්කි හා සිරියානු ජනතාව කඩිනමින් භූමි කම්පා විපත්වලින් මුදවා ගැනීමට චීනය සක්‍රිය අනුබල ලබා දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(13) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. තුර්කියට හා සිරියාවට දරුණු භූමි කම්පා විපත් එල්ල වීමෙන් පසු චීනය එම රටවල් දෙකට සක්‍රිය ලෙස අනුබල හා සහය ලබා දෙමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. 

චීනය තුර්කියට ලබා දුන් ප්‍රථම සහන භාණ්ඩ තොගය පසුගිය 11 වැනිදා හා ඊයේ (12) තුර්කියේ ඉස්තාම්බුල් නගරයට ළඟා වී ඇත. චීන රජය විසින් යවා ඇති සහන කණ්ඩායම හා සමාජීය හදිසි ආපදා සඳහා මුහුණ දීමේ කණ්ඩායම විපතට පත් වූ පුද්ගලයන් 20 පමණ මුදවා ගත් බවද වං වෙන්බින් මහතා පැවසීය. 

ප්‍රථමාධාර කට්ටල 30,000ක්, සීත කබා 20,000ක්, ඝන කපු ඇඳුම් 10,000ක්,කපු කූඩාරම් 300ක්, වාතාශ්‍රය, නිර්වින්දන, ඔක්සිජන් යන්ත්‍ර ඇතුළු භාණ්ඩ සිරියාවට යොමු කිරීමේ කටයුතු චීනය කඩිනම් කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම දැනට පවතින ආහාර සහන ව්‍යාපෘති චීනය කඩිනමින් සූදානම් කරමින් සිටී.තිරිඟු ටොන් 220ක් සිරියාවට ප්‍රවාහනය කිරීම මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ.අනෙකුත් ටොන් 3000ක පමණ සහල් හා තිරිඟු මේ මාසයේ දී වෙන් වෙන්ව ප්‍රවාහනය කෙරේ. ඊට අමතරව, චීනයේ රතු කුරුස සංගමය විසින් සිරියාවට යවනු ලැබූ පළමු වෛද්‍ය සහනාධාර තොගය දමස්කස් නගරය වෙත ළඟා වී ඇත. දෙවන මානුෂීය සහනාධාර භාණ්ඩ අද (13) බෙයිජිං නගරයෙන් පිටත් වූ බව වං වෙන්බින් මහතා පැවසීය.  

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම