සිරියාවට පැනවූ සම්බාධක ඇමරිකා රජය වහාම ඉවත් කළ යුතු බව චීනය පවසයි
2023-02-13 18:39:00
Share with:

තාවකාලිකව ලිහිල් කිරීමේ දේශපාලන රඟපෑම වෙනුවට, සිරියාව වෙත පනවා ඇති සම්බාධක ඇමරිකා රජය වහාම ඉවත් කළ යුතු බව චීනය පවසයි.

සිරියාවට පැනවූ සම්බාධකය තාවකාලිකව ලිහිල් කරන බව පසුගියදා ඇමරිකා රජය  ප්‍රකාශ කළේය. නමුත් එම ලිහිල් කිරීම සිදු වන්නේ සිරියාවේ භූමිකම්පා ආධාර සම්බන්ධ ගනුදෙනුවලදී පමණි. අදාළ කාල සීමාව දවස් 180 කි.

ඇමරිකාව වසර ගණනක සිට පනවා ඇති සම්බාධක සිරියානු ව්‍යාසනය සමඟ සටන් කිරීමේ හැකියාවට හානිකර බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවසීය. භූමි කම්පාවෙන් පසුව, පැය 72ක් ඇතුළත ගලවා ගැනීමේ අදියරේදී ඇමරිකාවේ සම්බාධකය ඍජුව බාධාවක් විය. දේශපාලන කුමන්ත්‍රණය පසෙකට දමා, සිරියාවට එරෙහි සියලු නීති විරෝධී සම්බාධක වහාම ඉවත් කරන ලෙසත්, මානුෂීය ව්‍යසනයන් ඇති කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම