සිරියාවේ විපතට පත් ජනතාවට චීනයේ රතු කුරුස සංගමයෙන් යළිත් ආධාර
2023-02-13 09:15:58
Share with:

සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට චීනයේ රතු කුරුස සංගමය සපයන මානුෂීය සහනාධාර දෙවැනි තොගය ගුවන්ගත කෙරේ. අද (13) අලුයම බෙයිජිං නුවරින් එම සහනාධාර යවනු ලැබීය. කූඩාරම්, පවුල් සඳහා සහන මලු, සීත කබා ඇතුළු දෛනික අවශ්‍යතා මෙන්ම හදිසි ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් ද ඊට ඇතුළත් වේ. ආපදාවෙන් විපතට පත් පුද්ගලයන් 10,000 කට වැඩි පිරිසකට මේවා බෙදාහැරෙනු ඇත.

මීට පෙර, චීනයේ රතු කුරුස සංගමය විසින් සිරියාවට යවන ලද පළමු වෛද්‍ය සහනාධාර තොගය ආපදාවට ලක් වූ ප්‍රදේශයේ භාවිතය සඳහා සිරියාවේ රතු කුරුස සංගමයට සාර්ථකව භාර දී තිබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම